ගෙවී ගිය පැය 24 තුළ නිරෝධායන රීති කැඩූ 1027ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,027 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 30,042ක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

මේ අතර ඊයේ දිනයේ දී තලංගම, සිංහපුර ප්‍රදේශයේ සිදුකළ ඩ්‍රෝන මෙහෙයුමකින් නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 7දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 14ක ස්ථාපිත මාර්ග බාධකවලදී පුද්ගලයින් 3,153 දෙනෙකු සහ වාහන 1,024ක් පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී සංචරණ සීමා උල්ලංඝනය කරමින් පළාත් අතර ගමන් කිරීමට උත්සහ කළ පුද්ගලයින් 91 දෙනෙකු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා අඛණ්ඩව ඒ අයුරින්ම ලබන 21 වනදා දක්වා ක්‍රියාත්මක අතර අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල පිරිස් වෙත පමණක් එම කාලය තුළ ගමන් කිරීමේ හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *