ගාලුමුවදොර වෙරළ තීරයෙන් නාඳුනන මළ සිරුරක්…

කොළඹ ගාලුමුවදොර වෙරළ තීරයේ තිබී අද උදෑසන නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මළ සිරුර පිරිමි අයෙකු බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ වයස අවුරුදු 40ක් පමණ වන බව පොලිසිය උපකල්පනය කරයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

පසුගිය සතියේද (ජූලි 29) ගාලුමුවදොර වෙරළ තීරයේ තිබී නාඳුනන මළ සිරුරක් හමුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *