ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

2026/2027 කාලසීමාව සඳහා නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සැපයීම සඳහා මෙට්‍රික් ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

2026 මාර්තු 30 පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලබාදී ඇති අතර, අඛණ්ඩ ගල් අඟුරු සැපයුම තහවුරු කරමින් රටේ බලශක්ති සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම මෙහි අරමුණ වී ඇත.

ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමක් යටතේ සැපයුම්කරුවන් තෝරා ගැනීම සිදුකර ඇති අතර, ඒ සඳහා ලංසු නවයක් ඉදිරිපත් වී තිබේ.

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අනුමැතිය සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව,

  • Aditya Birla Global Trading Singapore Pte. Ltd. වෙත 70% ක කොටසක් ලෙස ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 1.596ක්
  • Mohit Minerals Limited (ඉන්දියාව) වෙත 30% ක කොටසක් ලෙස ගල් අඟුරු මෙට්‍රික් ටොන් 684,000ක්

සැපයීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට නියමිතය.

මෙම පියවර මගින් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සැපයුම ස්ථාවර කරමින් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *