කෝවිලක් තුළ දී දැරියක් අපයෝජනය කළ පූසාරියා සොයා මෙහෙයුම්

සෙත් ශාන්තියක් සිදුකර ගැනීමට කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ කෝවිලකට ගිය දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ බව පැවසෙන පූසාරිවරයෙක් සොයා කුලියාපිටිය පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

15 හැවිරිදි බෝහිංගමුව ප්‍රදේශයේ පදිංචි අදාළ දැරිය ප්‍රේම සබඳතාවකින් ගලවාගැනීමට ඇගේ මව විසින් පසුලිය 26 වනදා කෝවිල වෙත කැටුව ගොස් ඇති බව වාර්තා වේ.

එහිදී පූජකවරයා විසින් දැරිය ලිංගික අපයෝජනයට ලක්කර තිබේ.

සැකකාර පූසාරිවරයා මේ වන විට ප්‍රදේශය අතහැර පළාගොස් ඇති අතර කෝවිල ද  වසාදමා ඇති අයුරු එහි ගිය අප වාර්තාකරුවන් ට දැකගත හැකි විය.

සැකකාර පූසාරිවරයා පිළිබඳ පොලීසිය හෙට දිනයේදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *