කොළඹ ප්‍රදේශ හතරකට පැය 11ක ජල කප්පාදුවක්…

සති අන්තයේ කොළඹ ප්‍රදේශ හතරකට පැය 11ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව සෙනසුරාදා (30) රාත්‍රී 09.00 සිට ඉරිදා (31) පෙරවරු 08.00 දක්වා ජල සැපයුමට බාධා එල්ල වේ.

මෙම කාලය තුළ කොළඹ 09, 10, 11 සහ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

අදාළ ප්‍රදේශයේ නළ මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුමට බාධා එල්ල වන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *