LK reports news sinhala

“ජනතාව හෙට වනතුරු නොඉවසිල්ලෙන්“ – විමල් වීරවංශ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය හෙට(11) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි එම පක්ෂ සාමාජිකයෝ පවසති.

හෙට පැවැත්වෙන සමුළුව සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ හෙට පැවැත්වෙන සම්මේලනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නම් කළ පසු මුළු රටම රතිඤ්ඤා පත්තු කර කිරිබත් කෑමට සූදානම් බවයි.

මේ අතර සියලු දෙනා හෙට වනතුරු නොඉවසිල්ලෙන් බලාසිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. කඩුවෙල පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

2015 වැටුණු වළෙන් ගොඩඒමට තම කඳවුරේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි සියලු දෙනා බලා සිටින බවත් හෙට සවස 3න් පසු රූපවාහිනිය ඔස්සේ විකාශය වන පොදුජන පෙරමුණේ මහා සමුළුවේ දී මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකත්වය ලබා ගැනීමෙන් පසු ඉදිරි ජනපති අපේක්ෂකයා නම් කරන බවත් එහිදී අපේ ජනාධිපති අපේක්ෂකයා “ගෝ..” කියන විටම ජනතාව රතිඤ්ඤා පත්තු කර ජය ඝෝෂා කිරීමට සූදානමින් සිටින බවත් වීරවංශ මහතා කියා සිටියි.

(Image – Colombo Telegraph)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *