කොවිඩ් රෝගීන් පිළිබඳ දැනුම්දීමට දුරකථන අංකයක්

කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත කිරීමේ දී ඔවුන් ට ඇති වන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 1999 හෝ 0117 966 366  යන දුරකථන අංකය ඇමතීමෙන් අදාළ පුද්ගලයින්ට ඒ සඳහා අවශ්‍ය සහය ලබාගැනීමට හැකියාව හිමිවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය, මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ, යම් රෝහලකට රෝගීන් ගෙන යෑමේ දී තත්ත්වය බරපතළ නොමැති නම් ඔවුන් ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරහා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙන යෑම ඉතා යෝග්‍ය බවය.

“රෝග ලක්ෂණ බරපතළ නම් පමණක් ළඟ ම තියෙන ප්‍රධාන රෝහලකට යන්න. ගිහින් අපහසුනම් පමණක් ඒ පහසුකම ලබාගන්න. බරපතළ රෝග ලක්ෂණ නැතුව අර ස්ථානවලට ගියොත් එතැනින් වෙන්නේ තදබදය වැඩිවීමෙන් අවශ්‍ය සේවාවන් අපිට ලබාගැනීමට නොහැකි වන අතර, අත්‍යාවශ්‍ය සේවාවන් ලැබිය යුතු පිරිසටත් එය බාධාවක් වෙනවා. ඒ නිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඔස්සේ යම් ක්‍රියාවලියක් තියෙනවා. ඒ අනුව රෝහල්ගත වීමට කටයුතු කරන්න.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *