කොවිඩ් ආසාධිත පාසැල් දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින අයෙක්

කොවිඩ් වෛරසය ආසාදනය වූ පළමු පාසැල් දරුවා ඊයේ (11) රාජාංගණය යාය 05 ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින මෙම දරුවා 11 හැවිරිදි වියේ පසුවේ.

මෙම දරුවාගේ පියා කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ අතර ඔහුට පළමුව කොරෝනා වෛසරය ආසාදනය වී තිබුණා. ඔහුගේ වයස අවුරුදු එකහමාරක් වන තවත් දරුවෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටත් වාර්තා වේ.

රාජාංගණය ආශි‍්‍රත ප‍්‍රදේශවලට සංචරණ සිමා පනවා ඇති බවයි අනුරාධපුර ප‍්‍රාදේශීය වසංගත රෝගවේද වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසන්නේ. ඒ අදාළ උපදේශක වරයා සහ වැඩිමහල් දරුවා සමීපව ඇසුරු කළ පිරිස් සොයා ගැනීමේ අරමුණින්. ඒ මහතා සදහන් කරන්නේ අද දිනයේ ලැබෙන PCR පරීක්‍ෂණ වාර්තාවලින් අනතුරුව රාජාංගණය ප‍්‍රදේශය ආශි‍්‍රතව ගත හැකි සීමාවන් පිළිඹදව තීරණය කිරීමට හැකිවෙනු ඇති බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *