කොත්මලේ වේල්ල අසල ගිලා බැසීමට ලක්වූ මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරේ

ගිලා බැසීමට ලක්වූ කොත්මලේ වේල්ල අසල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි.

මාර්ගය ගිලා බැසීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා සහ වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා වැලි ඉංජිනේරුවන් පිරිසක් පසුගියදා එම ස්ථානයේ නිරීක්ෂණය ක නිරත වූහ.

රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මැතිතුමා, සමඟ එම අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා ඉංජිනේරුමය කාර්‍ය්න් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්‍යංශයේ සභාපති ඉංජිනේරු අයිවන් සිල්වා මහතා,ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන ජලාශ හා වේලි සම්බන්ධ මෙහෙයුම් අධ්‍යක්ෂ රෝහන අරුප්පොළ මහතා, කොත්මලේ ජලාශ වේල්ල භාර කාර්‍ය භාර ඉංජිනේරු ආර්.එම්.එස් වත්සල මහතා ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණ සංචාරය සඳහා එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *