Gamunu Wijerathna

බස් ගාස්තු අඩු නොවේ

ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

බස් ගාස්තු සංශෝධනය මිල සූත්‍රයට අනුව ක්‍රියාත්මක වන බව කී විජේරත්න මහතා මිල සංශෝධනය සඳහා සූත්‍රයට සියයට 4 ක බලපෑමක් වියයුතු බව ද සඳහන් කළේය.

මෙහිදී මිල රුපියල් 10 කින් අඩු වීමේදී මිල සූත්‍රයට සියයට 4 ක බලපෑමක් නොවීම නිසා ගාස්තු සංශෝධනයක් නොවන බව ද ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *