මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කාන්තා දින සැමරුම් ජාතික උත්සවයට එක්වෙමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
“කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත. වැදගත් කෙටුම්පත් දෙකක්.”
සෑම වසරකම මාර්තු 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි.
මෙවර එහි ජාත්‍යන්තර තේමාව වන්නේ ” කාන්තාවන් සඳහා ආයෝජන කරන්න – ප්‍රගතිය වේගවත් කරන්න ” යන්නය.
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු මෙරට ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී අද පැවැත්වුණි.
”ඒ, ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්න තේමා කරගනිමිනි.


