කාදිනල්තුමාගෙන් අනිත්‍ය කතාවක්

“පල්ලි ගොඩනැගිලි හදලා වැඩක් නැහැ. ඔක්කොටම කලින් අපි හැදෙන්න ඕන” යැයි   මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමෝ පැවසූහ.

මිනිසුන් එකතු කරන භෞතික දේවල් කිසිවක් අවසානයේ  රැගෙන නොයන බවද උන්වහන්සේ කීහ.

අගරදගුරුතුමා  මෙසේ පැවසුවේ කළුතර දොඩංගොඩදී අද   පැවති උත්සවයකදීය.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ  මෙසේද පැවසූහ.

පල්ලි හැදිලා වැඩක් නෑ ගොඩනැගිලි හදලා වැඩක් නෑ. ඔක්කොටම ඉස්සෙල්ලා අපි හැදෙන්න  ඕන. මේ ලෝකෙ කිසිම දෙයක් අපි අරගෙන යන්නේ නෑ.හදිසියේ එන්න පුළුවන් කැඳවීම. සේරම තියලා යන්න ඕන. ක්‍රිස්තු වර්ෂ 2150 වන විට මෙතන ඉන්න කිසිම කෙනෙක් ජීවතුන් අතර නෑ.

අද සමාජයේ තියෙන්නේ පරිභෝජනවාදය. සියලු දේ එකතු කරගන්නවා. සුපර් මාකට් ගිහිල්ල අනවශ්‍ය දේවලුත් අරන් ඇවිල්ලා ෆ්‍රීජ් එකේ දානවා. පස්සේ  ටික කාලයක් ගිහිල්ලා ඒවා විසි කරලා දානවා. සිංහල අවුරුද්ද නත්තලට එනකොට පෝලිමේ ගිහිල්ලා ඇඳුම් අරගෙන ඇවිල්ලා අල්මාරිවල දානවා. පාවිච්චි කරන්නේ නෑ. මේවා කරන්නේ පැෂන්  එකට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *