ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත තවදුරටත් ඉහළ යයි.

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොලී අනුපාතිකය ඉහළ දමා ඇත.

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොලී අනුපාතිකය 36% දක්වා ඉහළ දමා ඇති බව බැංකු පවසනවා.

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන පොලී අනුපාත සඳහා පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය අප්‍රේල් 08 වැනිදා තීරණය කළේය.

ඉන්පසුව පැවති පොලී අනුපාත 18% සිට 24% දක්වාත්, පසුව 30% දක්වාත්, දැන් නැවත වරක් 36% දක්වාත් වැඩි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *