කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ…

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ.

විදෙස් ගමන් තහනම 2022 ඔක්තෝබර් 26 දක්වා දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

2022 අප්‍රේල් මාසයේදී අධිකරණය මුලින් කබ්රාල්ට රටින් පිටවීම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබුණි.

ඉන් අනතුරුව හිටපු මහ බැංකු අධිපතිවරයාට පනවා තිබූ විදෙස් ගමන් තහනම අඛණ්ඩව දීර්ඝ කර තිබෙනවා.

කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කළ පැමිණිල්ලකට අනුව මෙම විදෙස් ගමන් තහනම ප්‍රථම වරට නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *