උණවටුන වෙරළ තීරයේ අවන්හලක් අසලදී ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදියෙකුගේ අත්බෑගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු උණවටුන සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි තරුණිය එම ස්ථානයේ සිටියදී තම අත්බෑගය සොරකම් කර ඇති බව දන්වා ඇති බව පොලිසිය පවසයි.
සොරකම් කරන ලද බෑගයේ iPhone ජංගම දුරකථනයක්, විදේශ මුදල් සහ බැංකු කාඩ්පත් තිබූ බව වාර්තා වේ.
ඊයේ (04) උණවටුන සංචාරක පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද (05) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


