ඔන්ලයින් පංතියේදී දැරියකගේ උඩු කයේ නිරුවත් පිංතූර ඉල්ලා ගත් ගුරුවරයා අත්අඩංගුවට

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔසසේ උපකාරක පන්ති පවත්වන අතරතුර 15 හැවිරිදි දැරියකගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් බව කියන උපකාරක පන්ති ගුරුවරයෙක් පානදුර දිග්ගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ මව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුවයි පිලියන්දල පොලිසියට විසින් අදාළ සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

අදාළ දැරිය කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අතර ඇය 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතයි.

වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇය මෙම සැකකාර ගුරුවරයා විසින් ඉගැන්වීම් කටයුතු සිදුකරන මහරගම ප්‍රදේශයේ පිහිටි උපකාර පන්තියකට සහභාගී වී තිබෙනවා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඔන්ලයින් ක්‍රමය හරහා ඔහු ඉගැන්වීම් කටයුතු ආරම්භ කර තිබුණා.

එලෙස පන්ති පවත්වන අතරතුර වෙනත් කාන්තාවගේ උඩුකය නිරුවත් ඡායාරූප සහ තවත් ඡායාරූප දැරිය වෙත යොමු කර ඒ ආකාරයෙන් අදාළ දැරියගේ උඩුකය නිරුවත් ඡායාරූප මෙම සැකකාර ගුරුවරයා විසින් ගෙන්වාගෙන ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

අදාළ සිද්ධියට මුහුණදුන් දැරිය පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් මේවනවිට රෝහල්ගත කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *