’’එල් බෝඩ්’’ ආවොත් වෙන දේ රනිල් කට කැඩෙන තුරු කිව්වා

එල් බෝඩ් කාරයන්ට බලය දෙන්නට එපා යැයි රනිල් කට කැඩෙන තුරු මහජනතාවට කියූ නමුත් ජනතාව ඒ කතාව ඇසුවේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

දැන් ආණ්ඩුවට බැනලා වැඩක් නැතැයි කී අබේවර්ධන මහතා ඡන්ද දායකයන් විසින් ඒ අපරාධය කරගත් බව කීය.

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසූයේ “මහජන පරමාධිපත්‍ය බලගන්න මම යන තේමාව යටතේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල, අක්මීමන සහ හබරාදුව මැතිවරණ කොට්ඨාස බල මණ්ඩල රැස්වීම් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *