එන්නත්කරන වැඩසටහන අද දිනයේද ප්‍රදේශ කිහිපයකදී

කොරෝනා මර්දන එන්නත්කරන වැඩසටහන අද දිනයේද ප්‍රදේශ කිහිපයකදී ආරම්භ වූණි.
ඒ යුද හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙනි.
කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරන වැඩසටහන ස්ථාන තුණකදී ආරම්භ වුණි.
ඒ, පිටකෝට්ටේ, වැල්ලවත්ත සහ මාලිගාවත්ත ප්‍රදේශවලදීයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන එන්නත්කරන වැඩසටහන ආරම්භ වුයේ ඇල්පිටිය සහ හඹරාදූව ප්‍රදේශවල ස්ථාපිත මධ්‍යස්ථාන දෙකකදීයි.
මාතර දිස්ත්‍රික්ක ආශ්‍රීතව එන්නතකරන වැඩසටහන් අද දිනයේ ක්‍රියාත්මකයි.
ඒ, උයන්වත්ත, කැකනදුර, මුලටියන ප්‍රදේශ ආශ්‍රීතව බව යුද හමුදාව පැවසීය.
ඊට අමතරව දඹුල්ල හා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රීතවද අද දිනයේ කොරෝනා මර්දන එන්නත් වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *