එන්නත්කරණ වැඩසටහන්වලදී ජනතාව අපහසුතාවයට පත්නොකළ යුතු ‍යැයි ආගැමැති පවසයි

ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නංවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එන්නත්කරණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවය.

මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන අද පෙරවරුවේ එලෙස අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

රාජ්‍ය නිලධාරීන් පළාත් පාලන ආයතනවල සනීපාරක්ෂක කම්කරුවන් අත්‍යාවශ්‍ය සේවා සපයන නිලධාරීන් ඇතුළු පිරිසක් එම මධ්‍යස්ථානයේ දි එන්නත් ලබාගත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *