එක්ස්ප්‍රස් පර්ල් නෞකව මුහුදුබත් වීමේ අවධානමක් නොමැති බවට සඳහනක්

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබීය.
මේ අතර මෙම නෞකාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයේන් සාකච්ඡා කිරීම සදහා නීතිපති සංජය රාජරත්නම්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද අද පැවැත්විණි.

එම සාකච්ඡාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුරද එක්ව සිටියහ.

එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න සදහන් කළේ පවතින තත්ත්වය තුළ නෞකාව මුහුදුබත් වීමේ අවධානමක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *