එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අද ආරම්භවේ

එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් සැසිවාරය අද (22) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වේ. කොවිඩ් වසංගත තත්වය මත මෙවර ජිනීවා මානව හිමිකම් සැසිය පැවැත්වෙන්නේ අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය මගිනි. ඒ ඉතිහාසයේ පළමු වතාවටයි.

මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව මත පදනම්ව එක්සත් රාජධානිය, කැනඩාව ඇතුළු රටවල් හයක් එක්ව ශී‍්‍ර ලංකාවට එරෙහි නව යෝජනාවක් මෙවර සැසිවාරයේදී ගෙන ඒමට නියමිත බවට වාර්තා වේ.

ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් තවත් යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සලයට මෙලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වනුයේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට එරෙහිව ශී‍්‍ර ලංකා හමුදා කි‍්‍රයාත්මක කළ මානුෂීය මෙහෙයුම අවසන් වී වසර දොළහකට පසුව වීමද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *