උසස් පෙළ සිසුන් රස්සාවට හුරු කරන වැඩක් අරඹයි

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට මාර්තු 5 වැනිදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවෙන බවද මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු ඊට පෙනී සිටි සිසුන්ටද මේ ආකාරයේම පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරියේදී පාසලට පැමිණෙන සියලු‍ ගුරුවරුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් හොඳින් සන්නද්ධව සිටිය යුතු බවද අවධාරණය කළ අමාත්‍යවරයා, දැනට සෑම කලාපයකටම එක බැගින් පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඇසුරින් ගුරුවරුන් පුහුණු කිරීමට විශාල වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවද පෙන්වා දුන්නේය.

දැනට පවතින පරිගණක සම්පත් මධ්‍යස්ථාන සංඛ්‍යාව 100 ක් වන බවත් ඉදිරියේදී එම සංඛ්‍යාව තවත් දාහතකින් වැඩි කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇති බවද ගුරුවරුන් වෙත පරිගණක පුහුණුව ලබාදෙන අතර මෘදුකාංග සංවර්ධනයට සහ අලු‍ත් වැඩියා කටයුතු වෙනුවෙන් කලාප මට්ටමින් පිරිසක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *