ඊයේ නිරෝධායන රීති උල්ලංඝනය කරන්නන් 947 ක් අත්අඩංගුවට, වැඩි පිරිසක් මාතලෙන්

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයින් 947 දෙනෙකු ඊයේ දිනය තුළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් බවය.

එම සංඛ්‍යාව 163කි.

ඊට අමතරව කුලියාපිටියෙන් 88ක් සහ නිකවැරටිය ප්‍රදේශයෙන් 73ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ උදෑසන 6.30 සිට 9.30 දක්වා වාහන 67,515ක් කොළඹ නගරය තුළට පැමිණ තිබුණි.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 21,087කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *