ඊයේ දිනයේ ආසාදිතයන් 2,912ක් හා කොරෝනා මරණ 43ක්

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 2900 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 2,912 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණි.

ඊයේ දේශීයව ආසාදිතයන් 2,882 ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි 30 දෙනෙක් පසුව කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැණුනා.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 186,364 ක්.

ඉන් 151,740 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 33,140 ක් වේ.

ඊයේ දිනයේ කොරෝනා මරණ 43 ක් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,484 දක්වා ඉහළ ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *