ඊයේ ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,093ක් වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඊයේ වාර්තා වු ආසාදිතයින් අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි 22ක් ද වන බවය.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 364ක් වාර්තා වී ඇත.

ඊයේ දිනයේ දී ද දිස්ත්‍රික්ක 25 තුළින්ම ආසාදිතයින් වාර්තා වී තිබේ.

ඒ අනුව ආසාදිතයින් 100 ඉක්මවු දිස්ත්‍රික්ක 6ක් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 322ක්, කළුතර 292ක්, මහනුවර 190ක්, නුවරඑළිය 148ක් හා මඩකලපුවෙන් ආසාදිතයින් 136ක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *