ඊයේ ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 2,789ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඊයේ වාර්තා වු ආසාදිතයින් අතර 30 දෙනෙක් විදේශ ගතව සිට මෙරටට පැමිණි අය වේ.

ඊයේ දිනයේ දී දිස්ත්‍රික්ක 25න් ම ආසාදිතයින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 6කින් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබේ.

වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස ආසාදිතයින් 741ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන විට කොළඹින් 505ක් හා කළුතරින් 181ක් වාර්තා වී තිබේ.

මීට අමතරව කුරුණෑගල 145ක්, ගාල්ල 67ක්, මාතර 40ක්, කෑගල්ල 50ක්, බදුල්ල 96ක්, අම්පාර 66ක්, මාතලේ 18ක්, අනුරාධපුර 57ක්, මුලතිව් 3ක්, මන්නාරම 9ක්, වව්නියාව 35ක්, ත්‍රිකුණාමලය 6ක්, නුවරඑළිය 45ක්, මහනුවඑ 101ක්, රත්නපුර 397ක්, පුත්තලම 29ක්, යාපනයේ 60ක්, කිලිනොච්චිය 8ක්, පොළොන්නරුව 8ක්, මොනරාගල 19ක් හා මඩකලපුව 67ක් ලෙස වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කටාන ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 122කි.

මීට අමතරව කටුනායකින් 117ක්, මිනුවන්ගොඩ 63ක්, නිට්ටඹුවෙන් හා කැලණියෙන් 74ක් හා දිවුලපිටියෙන් 38ක් හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *