ඊයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 444ක් වාර්තා වු බවය.

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 2,646ක් වාර්තා වු අතර ඉන් පුද්ගලයින් 36 දෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වේ.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 414ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 392ක්, කළුතර 252ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 206ක් හා යාපනයෙන් 113ක් ලෙස වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස රාගම 98ක්, වත්තල 58ක්, නිට්ටඹුව 26ක්, මහර 35ක්, කැලණිය 32ක්, කටාන 42ක් හා දොම්පේ 43ක් සඳහන් ව ඇත.

කොළඹ දිස්ත්‍රික්කය තුළ වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස අවිස්සාවේල්ලෙන් ආසාදිතයින් 68ක් වාර්තා වී තිබේ.

ඊට අමතරව, බොරලැස්ගමුවෙන් 17ක්, හංවැල්ල 15ක්, හෝමාගම 18ක්, කහතුඩුව 36ක්, කොහුවල 13ක්, කොස්ගම 12ක්, මොරටුව 26ක් හා ගල්කිස්ස 18ක්,  නවගමුව 20ක්, පාදුක්ක 19ක් හා වැල්ලම්පිටියෙන් 20ක් ලෙස වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *