ඉන්ධන ලීටර් 2500කට වැඩි ප්‍රමාණයක් සමඟ 33ක් අත්අඩංගුවට…

අද (31) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ නීතිවිරෝධී ලෙස ඉන්ධන ගොඩගසා සිටි පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය විසින් දිවයින පුරා වැටලීම් 31ක් සිදුකර ඇති අතර මෙම වැටලීම්වලදී පෙට්‍රල් ලීටර් 1108.9ක්, ඩීසල් ලීටර් 1441ක් සහ භූමිතෙල් ලීටර් 9ක් සොයාගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස ඉන්ධන ගොඩගසා අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *