ඉන්දියාවේ දැවැන්ත අභියෝගයට නවසීලන්තයෙන් සැර පිළිතුරක්

සංචාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට නවසීලන්තය අද(5) සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4ක් දැවී දැවැන්ත ලකුණු 347ක් ලබාගැනීමට සමත් විය. ඊට ශ්‍රෙයස් අයියර් ශතකයක් එක්කළ අතර කේ.එල්.රාහුල් නොදැවී ලකුණු 88 ක් එක් කළේය.

ලකුණු 348ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය නවසීලන්තය පන්දුවාර 48යි එක් පන්දුවකදී කඩුලු 6ක් දැවී එය සපුරා ගැනීමට සමත් විය.
අගනා ඉනිමක් ක්‍රීඩාකළ රොස් ටේලර් නොදැවී ලකුණු 109ක් රැස්කළ අතර හෙන්රි නිකලස් ලකුණු 78ක් ලබාගත්තේය.

ඉන්දියාවට එරෙහිව ලකුණු හඹාගොස් ජයගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක්විය. මීට පෙර ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉන්දියාවටඑරෙහිව ලකුණු 357ක් හඹාගොස් ජයග්‍රහණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *