ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා කරයි.

ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද ප්‍රකාශ කළේය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදයට හේතු වූ බවයි.

එමගින් දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි බැවින් QR කේතය සහිත ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමය හඳුන්වා දුන් බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) කිසි දිනක සෑම ඉන්ධන හලකටම දිනපතා ඉන්ධන බෙදා හැර නැත.

තොග අසීමිත වූවත් එය ප්‍රායෝගිකව කළ නොහැක්කක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *