ඉතාලියෙන් ලංකාවට තාවකාලික තහනමක්

ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණෙන පුද්ගලයින් සඳහා මැයි 30 වනදා තෙක් පනවා තිබූ තහනම, ජුනි 21 වනදා තෙක් දීර්ඝ කිරීමට ඉතාලි බලධාරීන් ක්‍රියාකර තිබේ.

එම සංචාරක තහනම ඉන්දීය සහ බංග්ලාදේශ වැසියන් සඳහා ද බලපැවැත්වේ.

මේ දිනවල ඉන්දියාවේ පැතිරයන B.1.617 කොරෝනා වෛරස් ප්‍රභේදය තම රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඔවුන් එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නමුත් එම තාවකාලික තහනම ඉතාලි ජාතිකයින් සඳහා අදාළ නොවන බවද එරට බලධාරීන් පැවසීය.

කොවිඩ් පාලනය සඳහා මුල්වරට එම තහනම ඉතාලි බලධාරීන් විසින් අප්‍රේල් මස අග භාගයේදී හඳුන්වා දුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *