ඉකුත් සමයේ පොහොර බෙදාහැරීම පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ දත්ත 96%ක් වැරදි

ඉකුත් සමයේ පොහොර බෙදාහැරීම පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ දත්ත 96%ක් වැරදි බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ගොවීන්ට රසායනික පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඉදිරිපත්කළ දත්ත පදනම් කර ගනිමින් සිදුකළ නියැඳි සමීක්ෂණයකදී එම තොරතුරු අනාවරණය වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය විසින් අදාළ සමීක්ෂණය සිදුකර ඇති අතර එහි වාර්තාව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බව ඊයේ දිනයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දැනුම් දී තිබේ.

එම වාර්තාවට අනුව හෙළිවී ඇත්තේ වසර 02ක් ගතවනතුරු නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවීන්ට සිය වගාව සඳහා පොහොර භාවිත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *