ඇෆ්ගනිස්තානයේ විශ්ව විද්‍යාල ගැහැණු සහ පිරිමි යන වශයෙන් නම් කෙරේ

ඇෆ්ගනිස්තානයේ විශ්ව විද්‍යාල, ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙන් කිරීමට තලෙයිබාන් සංවිධානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විශ්ව විද්‍යාල සිසුන් සඳහා වෙනම ඇඳුමක් ද හඳුන්වා දෙන බවයි තලේබාන් සංවිධානය පවසන්නේ. කෙසේවෙතත් තලෙයිබාන් සංවිධානයේ උසස් අධ්‍යාපන ඇමති අබ්දුල් බකී හකානි කියා සිටියේ කාන්තාවන්ට ඉගෙනීමට අවසර හිමිවන බවයි.

එහෙත් සිසුන් සමග එකට එක්ව ඉගෙනීමේ කටයුතු සිදුකිරීම සිසුවියන්ට තහනම් වනු ඇති.

විශ්ව විද්‍යාල සිසුන්ට උගන්වන විෂයයන් පිළිබඳව ද  තලෙයිබාන් සංවිධානයේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමාලෝචනයක් සිදුකර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීම හෝ රැකියාවක් කිරීම වැළැක්විය නොහැකි බව ද තලෙයිබාන් සංවිධාන ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් තලේබාන් පාලනය යටතේ 1996 සිට 2001 දක්වා කාලය තුළ ගැහැණු දරුවන්ට හා කාන්තාවන්ට පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කෙරුණා.

ඉකුත් දා ඇෆ්ගනිස්තානයේ බලය යළි අත්පත් කර ගැනීමෙන් අනතුරුව ද තලෙයිබාන් සංවිධානය පැවසුවේ රටේ ආරක්ෂක තත්ත්වය යහපත් වන තුරු සෞඛ්‍ය අංශයේ හැර සෙසු අංශවල රැකියාවල නිරත වන කාන්තාවන් එම රැකිවයාවලින් ඉවත් විය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *