ඇත්ත යට ගැසීමට රජයෙන් තවත් තුරුම්පුවක් යොදා ගැනීමට සූදානම් වේ යනුවෙන් කාදිනල් හිමිගෙන් රජයට චෝදනා

පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටගැසීමට රජය තවත් තුරුම්පුවක් යොදාගැනීමට සූදානම්වී ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සඳහන් කරයි.

අද මාධ්‍ය හමුවක් පවත්වමින් කාදිනල් හිමියන් ඒ බව පැවසීය.

“සත්‍ය යට ගහන්නට මේ රජය ගෙනයන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්නට ලෑස්ති වෙන්නේ. ඒක පිටිපස්සේ ඉන්නේ මේ රජය. අගමැතිතුමාත් විදේශ ඇමතිතුමාත් දැන් ඒකට සහභාගි වෙනවා කියලා පත්තරේ දාලා තියෙනවා. අවුරුදු දෙකහමාරක් මේ රටේ අහිංසක මහජනතාව සත්‍ය හෙළිදරුව් වෙයි කියලා බලන් හිටියා. දැන් ජාත්‍යන්තරයට අපිව තල්ලුවෙනවා, මොකද ජාත්‍යන්තරයට මේගොල්ලො යන්න තීරණය කරලා නිසා. මේ රජය පරීක්ෂණ යටගහන උත්සහයත්  වින්දිතයන්ට යුක්තිය ක්‍රියාත්මකවීමක් අපිට පෙනෙන්නට නැති බවත් අපි දැනටමත් ජාත්‍යන්තරයට දැනුම්දීලා තියෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *