අසත්‍ය ප්‍රචාර කොවිඩ් පාලනය ට බාධාවක් බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පවසයි

සාර්ථක එන්නත්කරණයක් හා කොවිඩ් පාලනය ට පියවර ගනිමින් තිබියදී සිදුකෙරෙන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම තත්ත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ඔස්ට්‍රේලියාවේද පවතින බවය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග සෞඛ්‍ය අමාත්‍යංයේ පැවති සාකච්ඡාවකදී ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා එම අදහස් පළකර තිබේ.

කොවිඩ් පාලන ක්‍රියාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11ක පමණ ආධාර මුදලක් මේ වන විට මෙරටට පරිත්‍යාග කර ඇති බව ඩේවිඩ් හොලී මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් මහතාද ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හමුවී තිබේ.

එහිදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර වෛද්‍ය සහ සෞඛ්‍ය සේවාවේ දැනුම හා තාක්ෂණය හුවමාරු කිරීම පිළිබඳව අවධානය යොමු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *