Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අපේ ඉල්ලීම් ආණ්ඩුව ඉටුකරන්නේ නෑ – එස්. එම්. චන්ද්‍රසේන

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටස්කාරයො වුවත් ඉල්ලීම් කළාට ඒවා නොලැබෙන බවත් ඒ නිසා මාධ්‍ය හරහා හරි තේරුම් කර දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (22) පැවසීය.

තමා ගොවිජන සේවා හා කෘෂිකාර්මික කටයුතු පිළිබඳව ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොහොර සහනාධාරය දුන් බව ද ඒ මහතා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

කූට වෙළෙන්දෝ වී අස්වැන්න නෙළන අවස්ථාවේදී ඉතාම අඩු මිලකට  මිලදී ගැනීමට සූදානම් වන බැවින් රජය හැකි ඉක්මණින් වී මිලදීගැනීමට මැදිහත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

ඔබේ අදහස