අනන්‍යතාවක් නොමැති විදේශිකයා රැඳවුම් මධ්‍යස්ථානයකට

මනයාවේලි වෙරළ තීරයේ කූඩාරමක දින තුනක් රැඳී සිටි විදේශ ගමන් බලපත්‍රයක්, වීසා හෝ හැඳුනුම්පතක් නොමැති ඊශ්‍රායල් ජාතිකයෙකු බවට සැකකරන විදේශිකයෙකු ලබන 20 දා දක්වා මිරිහාන වීසා නොමැති විදේශිකයන් රඳවන මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්  ජීවරාණී  කරුපයියා මහත්මිය ත්‍රිකුණාමලය වරාය පොලිසියට නියම කළේය.

මෙම විදේශිකයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට ලබන 20 දා මේ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මිරිහාන වීසා නොමැති විදේශිකයන් රඳවන මධ්‍යස්ථානයේ පරිපාලන නිලධාරී වෙත  මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම විදේශිකයා පවසන පරිදි මොහු අරුගම්බේ සිට පැමිණි බවත් ඔහු ඊශ්‍රායල් ජාතිකයකු බව ප්‍රකාශ කලත් ඔහුගේ අනන්‍යතාවය පිළිබඳව ඉදිරිපත් කිරීමට විදේශ ගමන් බලපත්‍රයක් වීසා හෝ හැඳුනුම්පතක් නොමැති බවට වරාය පොලිසිය මහේස්ත්‍රාත්වරිය වෙත විදේශිකයා ඉදිරිපත් කරමින් ඒ . වාර්තාවකින් ප්‍රකාශ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *