Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අද පාර්ලිමේන්තුව රැස් වේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වෙයි.

හෙට දිනයේ සිට ලබන සිකුරාදා දිනය දක්වා පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යෑමට මීට පෙර තීරණය වී තිබුණි.

කෙසේවෙතත් රටතුළ පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීරණය කරන ලෙස සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ අනුව මෙම කැඳවීම සිදුකර තිබේ.

මේ අතර රට තුළ පවතින තත්ත්වය හමුවේ කැබිනට් සංශෝධනයක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව රජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ සියලු පක්ෂ එක්වී රට මුහුණ දී ඇති ව්‍යසනයෙන් බේරීම සඳහා පියවර ගත යුතුව ඇති බවය.

ඔබේ අදහස