අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින්තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින්විට පැ.කි.මී. 40ත් 50ත් පමණ දක්වා වැඩිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *