අටුලුගමදී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළගැසූ පකීර්ට හය වසරක සිර දඩුවම්

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු බණ්ඩාරගම අටුලූගම ප‍්‍රදේශයේ පදිංචි පකීර් මොහොමඞ් මොහොමඞ් අමීර් හෙවත් ඇමියා නමැති 56 හැවිරිදි පුද්ගලයාට චෝදනා තුනක් යටතේ පානදුර අතිරේක මහෙස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් ඊයේ (21) වසර හයක සිර දඩුවමක් නියම කරන ලදි.

තවද අදාළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දෙදෙනාට සහ සෞඛ්‍ය සේවකයන් දෙදෙනාට රුපියල් ලක්‍ෂය බැගින් ලක්‍ෂ හතරක වන්දියක් ගෙවන ලෙසද නියම කළ අතර, එම වන්දිය නොගෙවන්නේ නම් විත්තිකරුට මාස හය බැගින් තවත් වසර දෙකක සිරදඬුවමක් නියම කරන බවද පැවසීය.

විත්තිකරුට පී. සී. ආර්. පරීක්‍ෂණයකින් පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගම ඉකුත් දෙසැම්බර් මස 02 වැනිදා ප‍්‍රතිකාර සඳහා රැගෙන යෑමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අටුලූගම ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ එයට විරෝධය පා සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගසනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *