මෙරට එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව ‘අද දෙරණ’ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය.
බහලුම් 13ක් තුළ අසුරා තිබු එන්නත් තොගය ගොඩබෑමෙන් පසුව ශීතාගාර පහසුකම් සහිත ගබඩා වෙත යොමුකර තිබේ.