හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මීගොඩ ආටිගල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුව දින පහක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය.
අදාළ ඝාතනය සිදුකිරීමට යොදාගත් මෝටර් රථය පදවමින් සිටි එම සැකකරු බත්තරමුල්ල පාලම් තුන මංසන්ධියේදී තලන්ගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී වෙඩි තැබීමට යොදාගත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැමි 10.මිලි ග්‍රෑම් 60 ක් හමු වූ බවත් මෙහිදී තලංගම පොලිසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
වෙඩික්කරු සොයා වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකරු දින පහක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.
ඒ අනුව රැඳවුම් නියෝග ලබාගත් සැකකරු තලංගම පොලිසිය මගින් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට කටයුතු කර ඇත.


