අංගොඩ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ අල්ලස් දැලේ

වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව රදවාගෙන ප්‍රතිකාර කිරීම සදහා රුපියල් ලක්ෂ 15 ක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් ලක්ෂ 3 ක මුදලක් ලබාගත් බව කියන අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ අල්ලස් හෝදූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

ඉකුත් 2024 වර්ෂයේ බන්ධනාගාර ගත කර සිටි රැදවියකුගේ රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු බන්ධනගාර රෝහලේ තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර කිරීම සදහා එම අල්ලස් මුදල ඉල්ලා ඇති බව එම කොමිෂන් සභාව පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  පිටකෝට්ටේ පිහිටි වෛද්‍ය නයනජිත් හේමන්ත රණසිංහ මහතාගේ නිවසේදී අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *