හෙඳ නායකයකු පහළවීමේ කාලය ඇවිත්

පීඩාකාරී නායකත්වයෙන් රට මුදාගෙන නව නායකයකු පත්කර ගැනීමේ කාලය එළැඹ ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ ඊයේ(4) පැවසූහ.

ජාතික නිදහස් දිනය වෙනුවෙන් පුංචි බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකදී කාදිනල් හිමියෝ එසේ පැවසූහ.

බලගතු අයට එක නීතියකුත් බෙලහීන අයට තව නීතියකුත් මෙරට ක්‍රියාත්මක කිරීමට දේශපාලඥයන් කටයුතු කිරීම නිසා රට කඩා වැටුණු බවත් ඒ හේතුවෙන් රට ආර්ථික අහේනිටත් දුප්පත්කම ඉහළ යෑමටත් පත්වූ බවත් කොළඹ අගරදගුරුතුමා පැවසුහ.

ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් තමන් පත් කරන ජනතාව මෙල්ල කර ගසා කෑමට විදේශපාලනයන්ට පැමිණෙන බව කී අගරදගුරුතුමා ශ්‍රී ලංකාව තුළ දූෂණය ජීවිතයේ කොටසක් බවට පත්කරගෙන ඇති බවද සඳහන් කළහ.

මෙරට තුළ දූෂණය පිටුදැකීමට කොමිසම් සභා සහ ආයතන කොතරම් පත් කළද දූෂිතයන්ට ලැබුණු දඬුවමක් නැති බවත් මහ බැංකු කොල්ලය, පාස්කු ප්‍රහාරය සහ උතුරු නැගෙනහිර යුද්ධය යනාදී දේවල් ගැන විභාග කිරීමට පත්කළ කොමිෂන් සභාවල වාර්තා අල්ප මාත්‍රයකින් හෝ ක්‍රියාත්මක කිරීමට පාලකයන් කටයුතු නොකළ බවත් අද අගරදගුරුතුමා සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *