හිටපු ලංකා ධීවර සංස්ථා සභාපති මහීල් සේනාරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා මත්ස්‍ය අලෙවිසැල් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාමේදී නිසි ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි අනුගමනය නොකළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහෝදරයෙකු වන මහීල් සේනාරත්න මහතා 2010 සිට 2012 දක්වා ලංකා ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.


