කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොවිඩ් රෙගුලාසි වලට අනුව අද දිනයේ සිදු කරනු ඇති බවට වාර්තාවේ. රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ තීරණය මත ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
කොවිඩ් ආසාදනය වී සිටි ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (14) අභාවප්‍රාප්ත වූ අතර කොවිඩ් ආසාධිත බවට තහවුරු වීමත් සමගම ඔහු පළමුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කෙරුණි. ඉන් අනතුරුව ඔහු කොළඹ IDH රෝහලට මාරු කෙරුණා.