ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා මාස 10කට අධික කාලයක් රැඳවුම් බාරයේ තබා සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා ලබන 3 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.
නීතිඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ අප්‍රේල් 14 වනදායි. ඒ පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල කළ ත්රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වීම, පුත්තලමේ මද්රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා මතයි.
අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙත ඊයේ (17) උපදෙස් ලබාදී තිබුණා.