අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙත ඊයේ උපදෙස් ලබාදී තිබුණා.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවකු සමග සමීප සබඳතා පවත්වා එම අපරාධ සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් නීතිඥ හිජාස් හිස්බුල්ලා සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටී. ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (17) පස්වරුවේ පොලිස්පතිවරයාට ලිඛිත නියෝගයක් සිදු කර තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ් අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීම හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සුරැකීමේ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන පරිදි සිදුකිරීම යන චෝදනා යටතේ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා එමගින් පොලිස්පතිවරයාට නියෝග කළ බවයි.
නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ අපේ‍්‍රල් 14 වැනිදා අත්අඩංගුවට ගෙන පුරා මාස දහයකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් විමර්ශන සිදු කරනු ලැබීය.