හාල් ආනයනය කිරීම පිටුපස සිදුවන ක්‍රියාවලිය නාමල් කරුණාරත්න පැහැදිලි කරයි

සහල් පිටරටින් ආනයනය කිරීම හරහා පාලකයන් කොමිස් මුදල් දෙවරක් ලබා ගන්නා බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පසුගිය අවුරුද්දේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි වාර්තාගත අස්වැන්නක් ලැබී තිබියදීත් හාල් ආනයනය කිරීම සදහා රුපියල් කෝටි 224 කැබිනට් පත්‍රිකාවක් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති බවයි.

මේ පිළිඹද වැඩිදුරටත් කරුණු දක්වමින් ඒ මහතා මෙසේද පවසා සිටියේය.

“පිරටරින් ගෙන්නන හාල් වලට කවන්න පුලුවං හැම වසක්ම කවනවා අවුරුදු 2ක් තියාගන්න පුලුවන් විදියට. ඒ හාල් ආරක්ෂිත සංචිත ලේබලය යටතේ මෙරටට ගෙන්නලා ගොඩ ගහලා එකෙන් යම් ප්‍රමාණයක් වෙළදපොළට නිකුත් කරනවා. ඉතිරි හාල් ටික කල් ඉකුත් වෙගෙන එනකොට සත්ව ආහාර ලේබලය යටතේ ඉතාමත් අඩු ගාණට පිට කරනවා. ඒ හාල් ආපහු මෝල් වලින් පොලිෂ් කරලා එකසිය ගණන් වලට පාරිභෝගිකයාට කන්න දෙනවා. එක සතා දෙපාරක් හම ගහනවා වගේ මේ හාල් පිටරටින් ගේන ක්‍රියාවලිය ඇතුළේ පාලකයෝ දෙසැරයක් කොමිස් ගහනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *