හරක් කටාට උදවු කළ සැරයන්ගේ වැඩ තහනම්

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු  සහ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට  පලා යාම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව   ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්  ගේ රජකාරී වැඩ තහනම් කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරයි .

මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත සේවය කළ පොලිස් සැරයන් 60656 ජේ වි ජේ එස් නිහාල් නැමති නිලධාරියාගේය .

හරක් කටා නැමැත්තා පොලිස් කොස්තාපල්වරයෙක්ගේ උදව් උපකාර මත   පලායාම ට සැලසුම් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග හා උපදෙස් මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින්  විමර්ශන සිදුකරන අතර වාරයේදී ඒ සඳහා සූදානම් කර තිබූ යතුරුපැදිය සහ ආරක්ෂක හිස් වැස්මක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ තිබී සොයා ගැනීමට හැකි විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *